මෝදර මවක්, මාස එකහමාරක බිළිඳිය ඝාතනය කරයි

Saturday, 17 August 2019 - 19:17

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මවක් තම මාස එකහමාරක් වයසැති බිලිඳු දියණිය ඝාතනය කිරීමේ පුවතක් මෝදර - අලූත් මාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පෙරේදා රාත්‍රී අදාළ මව තම දරුවා රෝගාතුර වූ බව පවසා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති අතර, එම අවස්ථාවේ ඇය ද කැපුම් තුවාල සහිතව සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ජාතික රෝහලට රැගෙන එන විටත් බිළිඳු දැරිය මියගොස් සිට තිබෙනවා.

ආර්ථික ගැටලූ සහ ස්වාමි පුරුෂයා සමග ඇති ආරවුල් මත මෙම කාන්තාව තම දියණිය ඝාතනය කර ඇති බවයි පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ගෙළ සිර කර හෝ ස්වශන නාලය අවහිර කර මෙම ඝාතනය සිදුකර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

28 හැවිරිදි අදාළ කාන්තාව රැකියාවක් නොකරන අතර, පුරුෂයා එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන බව සඳහන්.

සැකකාර මව, මේ වනවිට මෝදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කැපුම් තුවාල සහිතව සිටි ඇය පොලිස් අත්අඩංගුව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසිය කළ ඉල්ලීමක් මත කොළඹ අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories