දශක දෙකකට පසු ජවිපෙ අද ජනපති අපේක්ෂකයෙක් නම් කරයි

Sunday, 18 August 2019 - 7:38

%E0%B6%AF%E0%B7%81%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන තම අපේක්ෂකයා අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ කොළඹ - ගාලූමුවදොර පිටියේදී ජාතික ජනබලවේගය නමින් අද පවත්වන ජන රැළියේදීයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් සංවිධාන 28 ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.    

ජනාධිපතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පසුව වන අතර, මීට පෙර ඔවුන් 1999 වසරේදී වමේ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායකවරයා වන නන්දන ගුණතිලකයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද වූ ඔහු පානදුර නගර සභාවේ වත්මන් සභාපතිවරයායි.

වමේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නන්දන ගුණතිලක 1999 වසරේ ජනාධිපතිවරණයෙන් 3 වන ස්ථානයට පත්වුණා.

ඉන් අනතුරුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ඔහු සමග ගිවිසුම් ගත වූ අතර, 2010 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහය ලබා දුන්නා.   

2015 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර, ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දූෂණ විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ දේශපාලනයේ නිරත පරිණත පුද්ගලයෙකු අපේක්ෂකයා ලෙස නම් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories