එජාප පාර්ලිමේන්තු කණ්ඩායම හෙට අරලියගහ මන්දිරයට - පසුපෙළත් සජිත් හමුවීමට සූදානමින්

Sunday, 18 August 2019 - 8:04

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී හෙට පස්වරු 4 ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම, ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම, එම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට සැලසුම් කර තිබෙනවා.

පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස හමුවීමට නියමිතව තිබුණද, එම හමුව කල් යෑම හේතුවෙනුයි මෙලෙස හෙට දිනයේ එම හමුව සැලසුම් කර ඇත්තේ.  

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අමාත්‍ය රාජිත සේනාරත්නගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ රැස්වූ අතර, එහිදී නව පෙරමුණ සඳහා වන ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනවලට එකඟත්වය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී නව සන්ධානය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම එකඟතාවකින් තොරව අවසන්ව තිබුණා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳව ප්‍රතිවිරුද්ධ මත පළ වීම හේතුවෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීන්දුවකට එළඹීමට නොහැකි වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories