ඇල්ලේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී පියා සහ පුතු මියයයි - තවත් දරුවන් දෙදෙනෙකු රෝහලේ

Sunday, 18 August 2019 - 8:30

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
ඇල්ල - කබරගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 35 හැවිරිදි රියදුරා සහ ඔහුගේ 8 හැවිරිදි පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රියේ බල්ලකොටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ මෙම ත්‍රිරෝද රථය මීටර 350 ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී ත්‍රිරෝද රථ රියදුරාගේ 12 හැවිරිදි පුතෙකු සහ 8 හැවිරිදි ඥාති පුතෙකු  බදුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.  

ඔවුන්ගේ තත්ත්වය බරපතල බව සඳහන්.

මේ අතර මහියංගණය - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි ගෙඟ් මහ පාලම අසළ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විනෝද චාරිකාවක් අතරතුර මිතුරන් සිව්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් මොවුන් දියනෑමට ගොස් ඇති අතර, එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය තරුණයින් දෙදෙනා 17 සහ 21 හැවිරිදි මහනුවර - වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් සමඟ දිය නෑමට ගිය අනෙක් තරුණයින් දෙදෙනා මහියංගණය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories