ජවිපෙ ජනපති අපේක්ෂකයා, අනුර කුමාර දිසානායක

Sunday, 18 August 2019 - 18:05

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද නම් කෙරුණා.

ඒ, කොළඹ - ගාලූමුවදොරපිටියේදී දැන් පැවැත්වෙන ජාතික ජන බලවේග ජන රැළියේදියි.

පස්වරු 04ට ගාලූමුවදොරපිටියේදී ජාතික ජන බලවේග ජන රැළිය ආරම්භ කෙරුණේ දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාවගේ සහභාගීත්වයෙන්.

ජනාධිපතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වසර 20 කට පසුවයි සිය අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවේ.

ඒ අනුව පස්වරු 6ට පමණ ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කළා.

මේ, ඉන් අනතුරුව රැළිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ රටේ සෞභාග්‍ය මාවත සඳහා සියළු දෙනා එකට එක්විය යුතු බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories