හම්බන්තොට වැවකිනුත්, සායනික අපද්‍රව්‍ය සොයා ගැනේ

Sunday, 18 August 2019 - 18:58

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හම්බන්තොට - ගොන්නොරුව - කපාපු වැවට ද සායනික අපද්‍රව්‍ය බැහැර කර ඇති බව අද අනාවරණය වුණා.

අදාල සායනික අපද්‍රව්‍ය වැව තුල තැනින් තැන ජලය නොමැති ස්ථානවලට බැහැර කර පුළුස්සා ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

සෙවනගල - සමගිපුර - කිරිඉබ්බන්ආර වැව අසල මහවැලි ඉඩමකට සහ කුමාරපුර ප්‍රදේශයේ පොල් ඉඩමකට මෙලෙසම රසායනික අපද්‍රව්‍ය බැහැර කර තිබු බව හිරු ප්‍රවෘත්ති පසුගියදා අනාවරණය කළා.

එමෙන්ම හම්බන්තොට - ගොන්නොරුව ප්‍රදේශයේ හැඩිල්ල වැව ඉස්මත්තේ මහවැලි ඉඩමකටද රසායනික අපද්‍රව්‍ය බැහැර කර තිබු බවටයි අප පෙන්වා දුන්නේ.

අද දිනයේ ගොන්නොරුව - කපාපු වැවට කසල බැහැර කර ඇත්තේ සමගිපුර සහ කුමාරපුර ප්‍රදේශවල බැහැර කර තිබූ සායනික අපද්‍රව්‍ය වලින් කොටසක් බව පොලිසිය සිදුකල මුලික විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරිමට ද හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ අතර, කපාපු වැව ආසන්නයේ තිබූ බහලූමක් ද අද පොලීසියට භාරයට ගෙන හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව එම ස්ථානයෙන් ඉවත් කිිරිමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ඊයේ දිනයේ දිගන ප්‍රදේශයේ රක්ෂිතයකට මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පුවතක් ද වාර්තා වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories