රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් ලබන මස 2 වන දා දක්වා යළි රිමාන්ඩ්

Monday, 19 August 2019 - 16:14

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+2+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ගාල්ල - රත්ගම - රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 17 දෙනා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, ඔහු ප්‍රදේශයේ පළා ගොස් ඇති බවයි.

පසුගිය ජනවාරි 23 වනදා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර, ඉතිරි දෙදෙනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories