නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා - ඇමරිකාව දැඩි අවධානයෙන්

Monday, 19 August 2019 - 16:20

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මෙරට 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවා.

කෙසේ වෙතත් නව හමුදාපතිවරයාගේ පත්වීම හෙළා දකිමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සහ දෙමළ ජාතික සන්ධානය නිවේදන නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබාගත්තා.

ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා මේජර් ජනරාල් ධුරයේ සිට ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලබනවා.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැදුණු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයේ ද කටයුතු කළා.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ 58 වන සේනාංකාධිපතිවරයා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

හමුදා සේවයේ ලැබිය හැකි ඉහළම ගෞරව සම්මාන වන වීර වික්‍රම විභූෂණ සහ රණවික්‍රම ඇතුළු පදක්කම් කිහිපයකටම ශවේන්ද්‍ර සිල්වා මහතා හිමිකම් කියනවා.  

2010 – 2015 කාලය තුළ ඇමරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ  ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසද ඔහු කටයුතු කළා.

මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේදී  කළ හමුදා මෙහෙයුම් අතරතුර අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් 2011 වසරේදී ඇමරිකානු අධිකරණයක් මගින් ශවේන්ද්‍ර සිල්වා මහතාට නොතීසි නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණා.

මේ අතර, යුද සමයේ දරුණු අපරාධ කළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපතිවරයා ලෙස  පත්කිරීම දෙමළ ජනතාවට කළ නිග්‍රහයක් මෙන්ම ඔවුන් සංත්‍රාසයට පත් කරවන්නක් බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙනවා.  

නව යුද හමුදාපතිවරයාගේ පත්වීම පිළිබඳ කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ  ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලකින් පසුවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබද චෝදනා බරපතළ හා විශ්වාසනීය බව  එහි සදහන්.

එමෙන්ම සංහිදියාව සහ සමාජ සමගිය සදහා වන අවශ්‍යතාව අතිශයින් වැදගත් වන අවස්ථාවක මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය සහ යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සදහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර නව යුද හමුදාපතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් මහත්මිය පවසන්නේ මෙම පත්කිරීම තමන් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්කර ඇති බවයි.

මානුෂික මෙහෙයුමේ අවසන් භාගයේදී සිදුකර ඇතැයි පැවසෙන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති පසුබිමක් මත ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කිරීම මානව හිමිකම් කවුන්සිලයේ 30 - 1 යෝජනාව බරපතළ ලෙස බලපෑමකට ලක්කරන බව ඇය පවසනවා.

මානව හිමිකම් කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පත්කිරීම හරහා සංහිඳියා වැඩපිළිවෙළ සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීමද ප්‍රශ්නකිරීම්වලට ලක්විය හැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories