පැරෂුට් පුහුණුවකදී ඇද වැටී, විශේෂ බලකා සෙබලෙකු මිය යයි (ඡායාරූප)

Tuesday, 20 August 2019 - 10:11

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%82%E0%B7%94%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්පාර - උහන ගුවන් හමුදා කදවුරේ පුහුණුවේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මිය ගියේ ඌව - කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලට අනුයුක්ත බලලත් නිලධාරී - 2, චම්පික කුමාරසිරි නැමති 42 හැවිරිදි යුද හමුදා සෙබලෙක්.

අද උදෑසන 8ට පමණ අඩි 7000ක් පමණ ඉහළ අහසේ සිට ගුවන් හමුදා යානයකින් මොහු බිමට පැන ඇති නමුත්, පැරෂුටය ක්‍රියාත්මක වී නොමැති බව උහන පොලීසිය සඳහන් කළා.

පසුව ඔහු අම්පාර මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී මෙම සෙබලා මිය ගිය බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.

ජීවිතක්ෂයට පත්වූ ඔහු කිරින්ද - පුහුල්වැල්ල - ඕවිටිගම - උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මොහු පසුගිය නිදහස් දින උළෙලට ද සහභාගි වී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

2017 වසරේ මැයි මස 1 වන දා ඇඹිලිපිටිය - කඳුරුගස්ආර කමාන්ඩෝ පුහුණු පාසලේ පැවති පුහුණුවක් අතරතුර දී පැරෂුටයක් අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් හමුදා සෙබලෙකු සහ සෙබලියක් ද තුවාල ලැබුවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories