සිර දඩුවමක් නියමවූ සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිට ඇප

Tuesday, 20 August 2019 - 16:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
වසරක සිර දඬුවම් නියමවූ සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ  3 ක ශරීර ඇපයක් මත මොහුව මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

2002 වසරේ සතොස ආයතනයට ආනයනය කළ සුදු සහල් තොගයක් පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීම හරහා රජයට රුපියල් මිලියන 4 ක අලාභයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔහුට අද පෙරවරුවේ වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කළා.

ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඔහුගේ නීතීඥවරුන් දැනුම්දීමෙන් අනතුරුවයි මොහුව ඇප මත මුදාහරිනු ලැබුවේ.
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories