ජනපති සහ යසුෂි අකාශි අතර හමුවක්

Tuesday, 20 August 2019 - 17:00

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා.

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර, කෲර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම ලෝකයටම ආදර්ශයක් බවයි එහිදී යසුෂි අකාශි ප්‍රකාශ කළේ.

මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම මෙරට ජපන් තානාපති අකිරා සුගියාමාද එක්වුණා.  මේ අතර හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද මුණගැසී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories