අමාත්‍ය සජිත් ප්‍රේමදාස පළාත් සභා මන්ත්‍රීවරුන් කැඳවයි - අද රාත්‍රියේ තවත් සාකච්ඡාවක්

Tuesday, 20 August 2019 - 19:29

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ, තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදියි. ඊට ඇමතිවරුන් වන තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු එක්ව සිටියා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තාවන්නේ.  

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද රාත්‍රි 7 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කැබිනට් නොවන අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි නිවසකදී අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන  අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගෙන් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව, අදාල හමුව පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළා.

මිට පෙර කිහිප අවස්ථාවකදි මෙම සාකච්ජාව පැවැත්වීමට දින තීරණය වී තිබුණ ද එය නිසි පරිදි පැවැත්වීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග අද පැවැත්වෙන සාකච්ජාවේදී ඉදිරි වැඩපිලිවෙල පිළිබඳ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories