ගිණුම් කාරක සභාව අද සිට මාධ්‍යයට විවෘත වෙයි

Wednesday, 21 August 2019 - 7:52

%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද සිට ජනමාධ්‍යයට විවෘත වනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කාරක සභාව රැස්වීමට නියමිතයි.

එහි ආරම්භක අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක් එක්වීමට නියමිතයි.

රජයේ ගිණුම් කාරක සභාව 1923 වසරේ පළමු වරට ආරම්භ වී ඇති අතර, ඒ අනුව වසර 96 කට පසුවයි මෙලෙස පළමුවරට මාධ්‍යයට විවෘත වන්නේ.

අද දින කාරක සභාවේදී රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය සොයාබැලීම සහ 2015, 2016 වර්ෂවල ගිණුම් කටයුතු පරීක්ෂාව සිදුවනවා.

මේ අතර ආනයනික කිරිපිටි සම්බන්ධයෙන්  ගැටළු පවතින්නේ නම් ඒ පිළිබඳව එක්දින විවාදයක් ලබාදිය හැකි බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂයට දැනුම්දුන්නා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories