කසල ගෙනගිය ටිපර් රථවලට අදත් ප්‍රහාර

Wednesday, 21 August 2019 - 7:54

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 4කට පුත්තලම නගරය ආසන්යේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද අලුයම 1ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පෙරේදා අලුයම ද අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කළ ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අද අලුයම එල්ල වූ ගල් ප්‍රහාරයෙන් ටිපර් රථ දෙකක ඉදිරිපස වීදුරුවට සහ එක් ටිපර් රථයක වම් පස දොරට මෙන්ම අනෙක් ටිපර් රථයේ වම් බඳ ප්‍රදේශයට හානි සිදුව තිබෙනවා.

ගල් ප්‍රහාරයට ලක්වූ ටිපර් රථ නොනවත්වා අරුවක්කාලු කසල අංගනය දක්වා ධාවනය කර ඇති අතර, පසුව ඔවුන් ආපසු පැමිණෙන අතරතුර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories