හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

Wednesday, 21 August 2019 - 12:04

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ 27 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2007 වසරේ නොවැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 දශම 54ක ප්‍රමාණයක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මොහු අත්අඩංගුවට ගෙන තිබුණා. 

ත්‍රීරෝද රථ රියදුරෙකු වන මොහුත් සමඟ මෙම සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් නඩු විභාගය සිදුවන අවස්ථාව වන විට ඔවුන් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories