එජාප මන්ත්‍රීවරුන්ට හදිසි කැදවීමක්

Wednesday, 21 August 2019 - 12:34

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

ජනාධිපති ධුර අපේක්ෂකයා සහ නව සන්ධානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් කොළඹ - බාන්ස් පෙදෙසේ මරීනා ඇවිනිව්හි නිවසක පැවැත්වුණා.

මෙම හමුවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ තලවතුගොඩ පිහිටි පෞද්ගලික හෝටලයකදි පැවැත්වුණා. එහිදී සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට යෝජනාවක් ද සම්මත වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories