අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Wednesday, 21 August 2019 - 15:46

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර දෙකත් තුනත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නව ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අද පස්වරුවේ බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories