වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

Thursday, 22 August 2019 - 12:33

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ලවී තිබෙනවා.

බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය ඇතුලූ ඉල්ලීම් 8 ක් මුල් කර ගනිමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් දීප ව්‍යාප්තව පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ අද පෙරවරු 8ටයි.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක බාහිර රෝගී අංශ සහ සායන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.

වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ සායන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ලවී ඇති බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් කියා සිටියා.

එසේම මෙම වර්ජනයෙන් මහනුවර මහ රෝහලේ දෛනික කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ.

මේ අතර ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා බලධාරීන්ට තවමත් කාලය පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ.

මේ අතර වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අවධානය යොමුවුණා. ඒ, විෂයභාර අමාත්‍ය රාජිත සේනාරත්නට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ ප්‍රශ්නයක් සමඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories