ගෝඨාභයගේ භෝජන සංග්‍රහයට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් - දුමින්ද ඇතුළු පිරිසක් නැහැ

Thursday, 22 August 2019 - 13:14

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්්ෂක ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ රාත්‍රි පැවැත්වූ භෝජන සංග්‍රහයට නිදහස් පක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට එක් නොවූ බවයි ඒකාබද්ධ විපක්ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කොළඹ තරුපහේ හෝටලයක පැවති මෙම හමුවට මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ආරාධනා කර තිබුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවති සාදයට නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ද එක්ව තිබෙනවා.

මේ අතර විශේෂ හමුවක් සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පස්වරුවේ බත්තරමුල්ල - නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළේ පස්වරු හයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම හමුව පැවැත්වෙන බවයි.

මෙහිදී ඉදිරි මැතිවරණ කටයුතු මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මැතිවරණ ප්‍රචාරක රැළි සංවිධාන කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories