ලංකාවේ සිට පැමිණි ත්‍රස්ත කණ්ඩායමක් නිසා තමිල්නාඩුවේ ආරක්ෂාව දැඩි කෙරේ

Friday, 23 August 2019 - 14:49

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් පිළිබඳ බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් අනුව, තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලෙහිම ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

පාකිස්ථානයේ - ලෂ්කාර් ඉ ටොයිබා නම් සංවිධානයකට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් මුහුදු මාර්ගය ඔස්සේ තමිල්නාඩුවට ඇතුළුව ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික, දමිළ මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් 5 දෙනෙකු මෙලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවේ - කොයිම්බතූර් ඇතුළු විවිධ නගරවලට සංක්‍රමණය වී ඇති බව අදාල බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් තමිල්නාඩුවේ ගුවන්තොටුපලවල, දුම්රිය ස්ථාන, බස් නැවතුම් හා ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, කොයිම්බතූර් ප්‍රදේශයේ මාර්ග බාධක වැඩි කර ඇති අතර, දේශසීමා ප්‍රදේශයේ මෙන්ම, නාගරික ප්‍රදේශවල ද රථ වාහන දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories