ඌව මහ ඇමති චාමර සම්පත්ට ඩිලාන්ගෙන් පිළිතුරු

Saturday, 24 August 2019 - 7:26

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
බදුල්ලේ අද පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන බවට ඊට අදාළ කිසිදු පෝස්ටරයක ඇතුළත්ව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම රැළියට ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් තමන් ඔලූවෙන් සිට ගන්නා බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.

බදුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබුණේ ඇතැම් දේශපාලඥයින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජන රැළියකට සහභාගි වන බව පවසා පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ මෙම රැස්වීම කඩා කප්පල් කිරීමේ අරමුණින් විවිධ කණ්ඩායම් විවිධ ප්‍රචාර ගෙන යන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories