තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3 ක තහනමට, හදිසි නීතිය ඉවත් කිරීමෙන් බලපෑමක් නැහැ

Saturday, 24 August 2019 - 19:10

%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+3+%E0%B6%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජාතික තවුහිද් ජමාත් සංවිධානය හෙවත් එන්.ටී.ජේ., ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි. සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග යටතේ බැවින් හදිසි නීතිය දීර්ඝ නොකිරීම මෙම සංවිධාන සඳහා පැනවූ තහනමට බල නොපාන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ඉදිරිපත් කළ නියෝග යටතේ අදාළ සංවිධාන තහනම් කර ඇති බවයි.

මේ අතර, හදිසි නීතිය දීර්ඝ නොකිරීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන මෙන්ම අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් සහ රදවාගෙන සිටින සැකකරුවන්ට අදාළ කටයුතුවලට බාධාවක් නොවන බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක කරන ආරක්ෂක රාජකාරීවල වෙනසක් සිදුනොවන බව යුද හමුදාව ද සඳහන් කළා.

රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට තීරණයක් ගෙන ඇති බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ඊයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හදිසි නීතිය දීර්ඝ නොකළ ද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, යෙදවීමට හැකි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලටවලට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, මේ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 25හේම ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකි වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories