පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවෙන්, ජනපතිට ලිපියක්

Sunday, 25 August 2019 - 12:30

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කාරක සභාව ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

එහි සාමාජිකයෙකු සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත මෙම ඉල්ලීම යොමුකළ බවයි.

එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාට පහසු දිනයක් පිළිබඳ දන්වා එවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වන දිනය තීරණය වන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබීමෙන් පසුව බව සඳහන්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් එහි කාලසීමාව එළඹෙන සැප්තැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.  

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස 4 කුත් දින 4 ක් ගතවනවා.  

මෙම කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍යවරයා, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන්, යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරුන්, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලූ තවත් ප්‍රභූවරුන් රැසක් පෙනී සිටියා.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පසුගියදා  සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර ලැබීමෙන් පසු අවසන් වාර්තාව සකස් කිරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories