පොහොට්ටු හමුවට පෙර, නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවක් කැඳවයි

Sunday, 25 August 2019 - 12:37

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර  සිය මධ්‍යම කාරක සභාව කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 6 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනපති නිල නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එළඹෙන අඟහරුවාදා යළි සාකච්ඡාවක්  පැවැත්වීමට පක්ෂ දෙකම තීරණයකට එළඹුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එම සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත එම සාකච්ඡා සඳහා සහභාගිවීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

ඒ අනුව අඟහරුවාදා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මෙම සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අනිද්දා පැවැත්වීමට නියමිතව ඇති බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories