එජාපයේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවට තවත් නම් දෙකක්

Sunday, 25 August 2019 - 19:05

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා තවත් නම් දෙකක් යෝජනා වී ඇති බව එම පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාවනැල්ල - මහන්තේගම - කන්දේ විහාරයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

ඔහු කියා සිටියේ අමාත්‍ය නවීන් දිසානායක සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම් ද යෝජනා වූ නම් ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවයි.

කෙසේ වෙතත් ගොඩකවෙල අද පැවති මාධ්‍ය හමුවකදි  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළේ පක්ෂය නිවැරදි තීරණයක් නොගතහොත් පාක්ෂිකයන් තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා දිනය වැඩි ඈතක නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories