හිස්බුල්ලා දැරූ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ

Monday, 26 August 2019 - 7:14

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83++%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2010 වසරේ සිට 2015 වසර දක්වා දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිර්දේශයක් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කථානායක කරු ජයසූරිය වෙත යොමු කර තිබෙනවා.

ඒ, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් රජය හා සම්බන්ධ ගනුදෙනුවකට අත්සන් තැබීමෙන් වරදක් කර ඇති බව දන්වමින්.

බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනය පිහිටුවීම සඳහා 2013 වසරේ ජුනි මස 11 වනදා ශ්‍රී ලංකා හීරා පදනම සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අතර ඇති කර ගත් ගිවිසුමකට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන සමයේ අත්සන් තබා තිබෙනවා.

අදාළ ගිවිසුමට ඔහු අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා හීරා පදනමේ සභාපතිවරයා ලෙසයි.

එමෙන්ම, 2015 ජූලි මස 17 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනය ඇති කර ගත් ගිවිසුමකට ද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් අත්සන් තබා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු නීතියට අනුව යම් අයෙකු රජය හා සම්බන්ධ ගනුදෙනුවකට හෝ කොන්ත්‍රාත්තුවකට අත්සන් තබන්නේ නම්, එතැන් සිට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකම් ලබන්නේ නැහැ.

එමෙන්ම, මොහු බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුව සිටින අතර, එම විශ්වවිද්‍යාලයේ රාජ්‍ය බැංකු ගිණුමට මුදල් ලැබී ඇත්තේ ණයක් මගින් බවට ප්‍රකාශ කර තිබුණ ද පසුව අනාවරණ වී ඇත්තේ අදාළ මුදල් වෙනත් පාර්ශවයකින් ලැබී ඇති බවටයි.

බැටිකලෝ කැම්පස් පෞද්ගලික ආයතනය පිහිටුවීම සඳහා අරමුදල් ලැබුණු මූලාශ්‍ර පිළිබඳව ගැටළු ඇති බැවින් මූල්‍ය අපරාධ විමර්ශනයක් සිදුකිරීමට ද අදාළ අංශ වෙත නීතිපති දෙපාර්තමේන්තුව ලබාදී ඇති බව සඳහන්.

නීතිපති දෙපාර්තමේන්තුවේ එම නිර්දේශ අනුව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.ඒ. හිස්බුල්ලා 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කිරීම පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව කථානායකවරයා වෙත දැනුම් දීමක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories