හංවැල්ලේ ද්විත්ව ඝාතනයක්

Monday, 26 August 2019 - 7:26

%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හංවැල්ල - පහත්ගම ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින්  ව්‍යාපාරිකයෙකු ඇතුලූ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.30 ත් 10 ත් අතර සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අදාළ නිවෙස් හිමිකරු සහ ඔහුගේ රියදුරුයි.

මියගිය නිවසේ හිමිකරු 43 හැවිරිදි විජිත් ප්‍රේමලාල් හෙවත් සුමේධ ලෙස හඳුනාගෙන ඇති අතර, මියගිය රියදුරුගේ වයස අවුරුදු 32 ක්.

මොවුන් අදාළ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව ඇති අතර, එම නිවසේ සිට මීටර 200 ක් පමණ ඈතින් පිහිටි ඉදිකෙරෙමින් පවතින නව නිවහනේ සිටියදියි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories