සූරියවැව විහාරාධිපති හිමි නමකට, ගිනි අවි පෙන්වා මරණ තර්ජන

Monday, 26 August 2019 - 19:11

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
සූරියවැව - මහගල්වැව - පඩිකෙම්ගල පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු ගිනි අවියක් පෙන්වා එහි වැඩ විසූ විහාරාධිපති හිමියන්ට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එලෙස මරණීය තර්ජන එල්ල කළ එක් සැකකරුවෙකු ගිනි අවියක් ද සමඟ අද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු සූරියවැව - සමාජසේවාපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ රාත්‍රියේ පිරිසක් සමඟ පැමිණි ඔහු ගිනි අවියක් පෙන්වා තමාට මරණ තර්ජන එල්ල කළ බවයි පඩිකෙම්ගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති මහගල්වැවේ ඥනින්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, හංවැල්ල - පහත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඝාතනය සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඝාතනයට හේතුව පිළිබදව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන්  43 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයෙකු සහ 32 හැවිරිදි ඔහුගේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories