අජිත් පී. පෙරේරාට සහ සුජීව සේනසිංහට විනය පරීක්ෂණයක්

Tuesday, 27 August 2019 - 14:45

%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් ලබන මස 9 වනදාට හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙස කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාට සහ සුජීව සේනසිංහට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුම් දී තිබෙනවා.

ලිපි යොමු කරමින් ඔහු සඳහන් කරන්නේ ඊට අදාළ මූලික සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද කැඳවා තිබුණත් ඔවුන් එහි නොපැමිණි නිසා ඒ පිළිබඳව විනය කමිටුවට වාර්තා කළ බවයි.

ඒ අනුව ලැබී ඇති පැමිණිලි සහ අනෙකුත් කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු විමසිය යුතු බවට පක්ෂයේ විනය කමිටුව විසින් තීරණය කර ඒ බව තමාට දන්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනාට දැනුම්දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂ නායකත්වය, කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විවේචනය කරමින් විද්‍යුත්  සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවිවලද ඔවුන් අදහස් දක්වා  ඇති බව එම ලිපිවල සඳහන්.

මේ සම්බන්ධයෙන් ඔවුන් සිදුකරන කරුණු දැක්වීම් පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කරන බවත්, විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන ඇමතිවරුන්ට  යොමුකළ ලිපිවල වැඩිදුරටත් සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories