කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරතවූ පිරිස විසුරුවාහැරීමට කඳුලු ගෑස් ප්‍රහාරයක්

Tuesday, 27 August 2019 - 22:34

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවක නිරතවූ පිරිස විසුරුවාහැරීමට පොලිිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්ලියක්කාඩු හින්දු සුසාන භුමියේ මිහිදන් කිරීමට විරෝධය පලකරමිනුයි අද පස්වරුවේ විරෝධතාව ආරම්භ වුණේ.

ඒ අදාල හින්දු සුසාන භුමිය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින්.

විරෝධතාකරුවන් පවසන්නේ හින්දු සුසාන භූමියක ඉස්ලාම් ත්‍රස්තවාදියෙකුගේ හිස කොටස මිහිදන් කිරීම අනුමත කල නොහැකි බවයි.

අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් මහතා හා මඩකලපුව නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories