ගලේවෙලදී වෑන් රථයක් තවත් වාහන 3 ක ගැටී 11 දෙනෙකුට තුවාල

Wednesday, 28 August 2019 - 15:42

%E0%B6%9C%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+3+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ගලේවෙල - මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද පෙරවරුවේ ත්‍රිරෝද රථ දෙකක සහ මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැටී තිබුණේ ඇගලූම් කර්මාන්තශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්.

තුවාල ලැබූවන් අතර, කාන්තාවන් 8 දෙනෙකු සිටින අතර, අනතුර සිදුවන අවස්ථාවේ එක් ත්‍රිරෝද රථයක පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories