හංවැල්ලේ පස් ව්‍යාපාරිකයා සහ රියදුරා ඝාතනයට අංගොඩ ලොක්කාගේ ගෝලයින් තුන්දෙනෙකු අල්ලයි

Thursday, 29 August 2019 - 15:56

%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හංවැල්ල - පහත්ගම - විද්‍යා මාවතේ නිවසකදී පස් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ රියදුරු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දැනට විදේශ ගතව සිටින පාතාල නායක මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ගේ සමීපතමයන් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඝාතනය කළ ව්‍යාපාරිකයාට මරණ තර්ජනය සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා.

පසුගිය 25 වනදා රාත්‍රියේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ විජිත් ප්‍රේමලාල් හෙවත් සුමේධ නැමති 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියදුරායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories