කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් කටුවාපිටියට

Thursday, 29 August 2019 - 16:56

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B6%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අද උදෑසන දිවයිනට පැමිණි එංගලන්තයේ කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි පියතුමන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ කටුවාපිටිය - ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරට පෙරවරුවේ පැමිණියා.

එහිදී අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් හමුවූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා.

අනිද්දා දක්වා දිවයිනේ රැදී සිටින ජස්ටින් වෙල්බි පියතුමන් පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

ඉන් අනතුරුව කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිඟාව වෙත පැමිණෙන කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි පියතුමන් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැදැකීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories