වැලිකඩ නඩුව ඔක්තෝම්බර් 14 සිට සතියට දින 03 ක් විභාගයට ගැනේ

Friday, 30 August 2019 - 14:48

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+14+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙදෙනකු ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ නඩුව ඔක්තෝම්බර් මස 14 වන දින සිට සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා.

ඒ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි, මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවන් හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, අදාළ සිද්ධියට සම්බන්ධ ලේඛන ලබාදීම සඳහා නඩුව යළි සැප්තැම්බර් 20 වන දින කැඳවීමට ද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories