මිනිසෙකුගේ සහ ආණ්ඩුවක අවසානය ගැන, විපක්ෂ නායකගෙන් පෙරවදනක්

Saturday, 31 August 2019 - 19:49

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
වරක් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවද, ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබන්නේ ඔවුන්ට දුන් පොරොන්දු ඉෂ්ඨ කළ නායකයෙකුවීම හේතුවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සමුළුවට අද පෙරවරුවේ එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු හෝ ආණ්ඩුවක් කාන්තාවන්ට ලබාදෙන පොරොන්දු ඉෂ්ඨ නොකරන්නේ නම්, එය ඔවුන්ගේ අවසානය වනු ඇති බවයි.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා. එහිදී ඔහු කියා සිටියේ කලාපීය රටවලට සාපේක්ෂව උගත්, බුද්ධිමත් කාන්තාවක් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවයි.

ඔවුන්ගේ දායකත්වය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බවයි ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.

ඉන් අනතුරුව සමුළුව ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ.

‘‘මෙතන ඉන්න කවුරුත් ඉපදුනෙ මේ රටේ අවුරුදු තිහක යුද්දෙ තිබුණු යුගයේ. 2009 වනතුරු ලක්ෂ ගණනක් අපේ තරුණ දරුවෝ හිටියේ රණබිමේ. හැබැයි ඔවුන් පිටුපස හිටියේ අම්මලා, තරුණ බිරින්දෑවරු. ඒ නිසා ඒ සොල්දාදුවෝ රණබිමේ ඉන්නකොට මේ රටේ ගමක් ගානේ, ගෙයක් ගානේ ගින්දර පත්තු වුණා. ඒ වෙන ගින්දරක් නෙවෙයි, ලක්ෂ ගණනක් අම්මලාගේ පපුවේ පත්තු වුණ ගින්දර.

හමුදාවට සොල්දාදුවෙක් ගිය සෑම ගෙදරකම හමුදා නිල ඇඳුමක් හොඳට මැදලා අරන් තියලා තිබුණා. ඒක සෙරමෝනියල් කිට් එක. මේ රටේ බොහෝ අම්මලා, බිරින්දෑවරු හිතුවේ ඒ ඇඳුම මැදලා ගෙදර අරන් තියලා තියෙන්නේ රණබිමේ මැරෙන සෙබළාට අන්දන්න කියලයි.  මේ රටේ අම්මලා දැනගෙන හිටියා කොයි මොහොතක හෝ මේ ඇඳුම ඉල්ලාගෙන හමුදාවේ නිලධාරින් ගෙදරට එනවා කියලා. හමුදාවේ වාහනයක් ගෙයි ඉස්සරහ නතර කරලා ඇවිත් ගෙදර තියෙන යුනිෆෝම් එක ඉල්ලුවාම බිරින්දෑවරු, අම්මලා සිහි නැතිව වැටුණා. එහෙම කාලයක් මේ රටේ කාන්තාවෝ ගත කළේ.

මතක තියාගන්න දකුණේ විතරක් නෙවෙයි, උතුරෙත් එහෙමයි. තමන්ගේ දුවවල පුතාව කොයි මොහොතේ එල්ටීටීඊයෙන් ඇවිත් යුද්දෙට බන්දලා බංකරේක දායිද කියන බය ඒ අම්මලාට තිබුණා. සාම සාකච්ඡා, සටන් විරාම ගිවිසුම්වලින් ඒ ගින්න නිවන්න බැරි වුණා. අපි මේ රටේ කාන්තාවන්ගේ පපුවේ ඇවිලුණ ගින්දර ගැන තේරුම් ගත්ත එකම ආණ්ඩුව. වසර තුනක් ඇතුළත කාන්තාවන්ගේ පපුවේ ඇවිළුණ ඒ ගින්දර අපි සදහටම නිවා දැම්මා.

මේ ආණ්ඩුව ආව ගමන් රණවිරුවන් දඩයම් කළා. එක රණවිරුවෙක් අනුරාධපුරේ ඉඳන්  තමන්ට ආපු නඩුවකට පෙනී හිටින්න කොළඹට ආවා. නෝනයි, අවුරුද්දක් හමාරක් වයස  දුවටයි සමුදීලා කොළඹ ආවේ හැන්දෑවේ නිදොස් මිනිහෙක් හැටියට ගෙදර යන්න. යුද්ධ  කාලේ ගෙදර නොසිටි මේ සෙබළා කොළඹ ආවේ ඉක්මනින් ගෙදර යන්න. නමුත් එදා  හැන්දෑවේ ඒ බිරිඳ ප්‍රවෘත්තිවලින් දැක ගත්තා මහත්තයා ජීවිතාන්තය දක්වා හිරේ  යවනවා. තාත්තා නැතිව ඒ දුවට රෑ පුරා උණ ගත්තා. එයින් පසු වූ දේ මම කියන්න  යන්නේ නෑ. ඒවාගේ කඳුළක් මේ රටේ ආයේ වැටෙන්න අපි ඉඩ තියන්නෑ. ඒ කාන්තාවන්ගේ කඳුළේ බර දන්න කෙනෙක් අපි ගේන්නේ ඒ නිසයි.

දහස් ගණනක් බිරින්දෑවරුන්ට වැන්දඹු බිරිඳ කියන නාමය අපි ලංකාවෙන් ඉවත් කළා. ඒ නිසයි 2015 ජනවාරි 09 වැනිදා අපි අරලියගහ මන්දිරේ පාන්දරම භාරදීලා ගෙදර යනකොට මුළුමහත් ජාතියේම කාන්තාවෝ ඇඬුවේග අඬා වැටුණේ.

නෝනාවරුණි, මේ ආණ්ඩුව මේ රටේ කාන්තාවන්ව තේරුම් ගත්තේ නෑ.

එදා ඒ විදියට අපේ කාන්තාවෝ දුක්වුණේ ඇයි කියන එක ගැන මේ ආණ්ඩුව  හිතුවේ නෑ. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට වැරදුණේ.

කාන්තාවන්ට බොරු කරන්න හොඳ නෑ. යමක් දෙනවයි කියලා නොදී ඉන්නත් හොඳ නෑ. කොටින්ම කාන්තාවන්ට බොරු පොරොන්දු දෙන්නත් හොඳ නෑ. කාන්තාවට බොරු පොරොන්දු දුන්නොත් ඒක තමයි ඒ මිනිහගේ අවසානය. ආණ්ඩුවක් බොරු පොරොන්දු දුන්නොත් ආණ්ඩුවට වෙන්නෙත් ඒ ටිකමයි.

ආණ්ඩුව රට භාර ගන්නකොට කාන්තාවන්ට කීවා බැංකුවලට මූල්‍ය ආයතනවලට උකස් කෙරුණ කණකර ආභරණ කාන්තාවන්ට බේරා දෙනවයි කියලා. නමුත් ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු කරපු එක කාන්තාවක් මේ රටේ ඉන්නවද? නෑ. ඒ වෙනුවට මේ ආණ්ඩුව කළේ කාන්තාවන්ගේ කණේ කරේ තිබුණ කණකර උදුරා ගත්ත එක. කොහොමද උදුරා ගත්තේ?’’




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories