රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගත් යුද හමුදා සෙබළෙකු රෝහල් ගත කෙරේ

Wednesday, 04 September 2019 - 16:18

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගැනීමට උත්සාහ කළ යාපනයේ යුද හමුදා කඳවුරක සෙබලෙකු රෝහල් ගතකර තිබෙනවා.

අද අලූයම 4.45 ට පමණ  මෙලෙස වෙඩි තබාගත් සෙබළා මේ වනවිට යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

වයස අවුරුදු 25 ක් පමණ වන මොහු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙම සෙබළා නිවාඩු ලබා සිට මීට දින 3 කට පමණ පෙර යළි කඳවුරට පැමිණ ඇති බවයි  වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories