ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත්

Friday, 06 September 2019 - 14:51

%E0%B6%87%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%81%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10 ක් තුළ සිදුකෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලබන 15 වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදු කෙරෙන සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය ඉහළ යාම මීට හේතුවී තිබෙනවා.

කොළඹ අක්ෂි රෝහලට අමතරව, මහනුවර, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකලපුව, වව්නියාව සහ නාවලපිටිය යන රෝහල් තුළ මෙය ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories