මැතිවරණ කොමිසම රැස්වෙයි - ඇල්පිටියට මෙහෙයුම් මැදිරි දෙකක්

Monday, 09 September 2019 - 7:19

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි.

එහිදී ලබන මස 11 වන පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වුණේ.

ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළේ.

එමෙන්ම, මේ මස 13 වැනිදාට පෙර තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් ලේකම්වරයාට ලැබීමට සලස්වන ලෙසයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නායක කියා සිටියේ.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීමට අදාලව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඇල්පිටිය සහ පිටිගල යන පොලිස් ස්ථානවල අදාළ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඡන්ද විමසීම, මධ්‍යස්ථාන 47කදී සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories