පොහොට්ටුව හෝ අත වෙනුවට වෙනත් ලකුණක් - පා.ම. දයාසිරි

Monday, 09 September 2019 - 7:39

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වන්නේ නම් පොහොට්ටුව හෝ අත ලකුණ හැර වෙනත් ලාංඡනයක් යටතේ තරඟ කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හෙට්ටිපොළ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, ජනතාව විසින් වැළද ගනු ලැබූ පොහොට්ටුව සලකුණ ඉවත් කර මැතිවරණයට ඉදිරිපත්වීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories