කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන ගිය ටිපර් රථයක් තුන්වන වරටත් අනතුරට ලක් වේ

Monday, 09 September 2019 - 9:41

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අළුයම අනතුරට ලක්ව තිබෙනවා.

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිට්ටිය ප්‍රදෙශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ.

ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේම තිරිඟ තද කිරීමත් සමඟ පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බවයි මුලික පොලිස් පරික්ක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මේ වන විට අදාල ටිපර් රථය දොඹකරයක් ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ මෙලෙස අනතුරට ලක් වූ තුන් වන අවස්ථාව මෙය බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පොලිසිය සදහන් කළේ ටිපර් රථ රියදුරන්ට අධික නිදිමත සහ දැඩි වෙහෙස හේතුවෙන් මෙම අනතුර සිදුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories