ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අගමැතිට සිතාසි

Monday, 09 September 2019 - 16:58

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිතාසි නිකුත් කර තිබෙනවා.

මේ මස 12 වන දින පෙරවරු 9.30ට කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

එම නියෝගය අද දින ෆැක්ස් මාර්ගයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ අරලියගහ මන්දිරයට යැවූ බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම, හෙට දින එම සිතාසිය අතින් ගෙන ගොස් අරලියගහ මන්දිරය වෙත භාරදීමට ද කටයුතු කරන බව ද එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් විමසීමටයි සිතාසි නිකුත් කර ඇත්තේ.

මීට අමතරව රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලකට කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories