තලාතුඔය දී ධාවනය වෙමින් තිබූ, ත්‍රිරෝද රථයක් කොල්ල කයි

Tuesday, 10 September 2019 - 7:40

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
තලාතුඔය - උඩුවෙල ප්‍රදේශයේදී ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකුට ප්‍රදේශවාසීන් විසින් පහර දී ඉන් එක් අයෙකු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

අනෙක් දෙදෙනා පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ උදෑසන ත්‍රිරෝද රථයේ හිමිකරු, බිරිඳ සහ වයස අවුරුදු එක හමාරක් වන දරුවා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම සැකකරුවන් තුන් දෙනා මහමඟ රැදී සිට ත්‍රිරෝද රථය නතර කොට පැහැර ගැනීමට උත්සාහ කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories