අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට 5 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 10 September 2019 - 8:12

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගිය යාමේ සිද්ධියට සැකපිට 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු ද වන බවයි.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී  සඟවා තිබූ ටී - 56 ගිනි අවි දෙකක් ද සොයා ගත් අතර, ඒවා පානදුර - උතුර පොලීසියෙන් මීට පෙර අස්ථානගත වූ ගිනි අවි බවට ද අනාවරණ වී තිබෙනවා.

පසුගිය 6 වන දා අලූයම තිබ්බටුවාව ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් ලූහුබැඳ යන අවස්ථාවේදීයි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට ඔවුන් වෙඩි තබා පළා ගොස් තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories