දඹදිව වන්දනාවේ යාමට පෙර මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගන්නැයි උපදෙස්

Tuesday, 10 September 2019 - 9:20

%E0%B6%AF%E0%B6%B9%E0%B6%AF%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
දඹදිව යාමට සතියකට පෙර මැලේරියා රෝගය වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීමට පියවර ගන්නා ලෙස වන්දනාකරුවන්ගෙන් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය ඉල්ලීමක් කරනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ මැලේරියා පරපෝෂිතයා මෙරටින් තුරන් කර තිබුණ ද දඹදිව සහ අප්‍රිකානු සංචාර සඳහා ගොස් මෙරටට පැමිණෙන පිරිස් හරහා එම රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියාව වැළදුණු රෝගීන් 28 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියළු දෙනාම විදේශගතව නැවත මෙරටට පැමිණි පුද්ගලයින් වීම විශේෂත්වයක්. එසේම සතියක කාලයක් තුළ මැලේරියාව වැළදුණු රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියළු දෙනාම දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පුද්ගලයින් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories