පකිස්ථාන සංචාරයේදී එල්ලවිය හැකි ත්‍රස්ත තර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

Wednesday, 11 September 2019 - 21:18

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එළඹෙන පකිස්තානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක මට්ටමේ තොරතුරු ලැබී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

එම නිසා තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිලිබඳ නැවත සොයාබැලීමක් සිදු කරන ලෙසත්, අතිශයින් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය හරහායි.

මේ අනුව පාකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පිලිබඳ නැවත සොයා බැලීමක් සිදු කිරීමට සහය වන ලෙස ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් සඳහා පකිස්ථානයේ සංචාරය කරන බවට තීරණය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති මාෂල් රොෂාන් ගුණතිලක ප්‍රමුඛ කණ්ඩායමක් එරට ආරක්ෂාව පිලිබඳ සිදුකළ විශේෂ ගවේෂණයකින් ද අනතුරුවයි.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිත ද අද ප්‍රකාශයට පත් කෙරුණු අතර අදාළ ක්‍රීඩකයන් ලබන 25 වැනිදා කරච්චි නුවරට ලඟා වීමට නියමිතව තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories