ආබාධිත රණවිරුවන් අද සත්‍යග්‍රහයකට සැරසේ

Thursday, 12 September 2019 - 7:20

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සිය විශ්‍රාමික වැටුප් විෂමතාව සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොටුව දුම්රියපල ඉදිරිපිටදියි.

ඊයේ දිනයේදී ඔවුන් සිය ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.

කෙසේ වෙතත් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලූවීමට ඉඩ ලබාදුන්නේ නැහැ.එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ ආබාධිත රණවිරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවුණා.  

අනතුරුව ඔවුන් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකුට භාරදුන්නා.

පසුව කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණි ඔවුන් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටිනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories