ඉදිරියේ මිලිමීටර 150 ක තද වැසි

Thursday, 12 September 2019 - 12:32

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+150+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඉදිරියේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම පස්වරු දෙකෙන් පසු ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලටත්, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුකුළේ ගඟ ප්‍රදේශයෙන් වාර්ත වන අතර එය මිලිමීටර 117 ක්.

එමෙන්ම ඊයේ රාත්‍රියේ සිට ඇද හැගෙන අධික වැසි හේතුවෙන් ගාල්ල නගරය සහ ඒ අවට මාර්ග මෙන්ම පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මොරගොඩ ඇල පිටාර ගැලීම නිසා දංගෙදර, සමඟිවන්තගම, මිලිද්දූව ආදි ගම්මාන ජලයෙන් යටවී ඇති අතර පෙට්ටිගලවත්ත ඇල පිටාර ගැලීමෙන් තලාපිටිය, පෙට්ටිගලවත්ත, අබ්දුල් වහාබ් මාවත, ආදී ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවද වාර්තා වනවා.

පොලිසිය ඉදිරිපිට වක්වැල්ල මාර්ගයද බස් නැවතුම්පොල ඉදිරිපිට ගාමිණී මාවතද සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

මෙලෙස දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතියදී දිස්ත්‍රික්ක 18 කට තවදුරටත් වියලි කාලගුණ තත්ත්වයක් පවතින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එම දිස්ත්‍රික්කවල පවුල් 226,828 කට අයත් පුද්ගලයින් 770,787 ක් තවමත් පීඩාවට පත්ව සිටින බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඔවුන්ට අවශ්‍ය පානීය ජලය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බවුසර මගින් ලබාදීමට කටයුතු කරනු ඇති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ තම දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 75 ජල මට්ටම තවමත් පවතින්නේ සියයට 17 ක ප්‍රමාණයක බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories