අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙනඒමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරුවට

Thursday, 12 September 2019 - 13:46

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරට ගෙන්වාගැනීමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ ඊට අදාළ ලිපි ලේඛන එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට යොමුකර ඇති බවයි.

ඉන් අනතුරුව අදාළ ලිපි ලේඛන එමඟින් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබාදී මාස දෙකක කාලයක් ගතව ඇතත්, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් තමන් දැනුවත් කර නැතැයි දන්වමින් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන් අවධානයට ලක්වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාදී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාද වී කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සිය අවධානය යොමුකළ යුතු  බවයි.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවරත්, ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සහ ඒ සඳහා ගතවන කාලය පිළිබඳවත් තමා දැනුවත් කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories