පාන් පැවති මිලටම

Thursday, 12 September 2019 - 15:00

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8
රුපියල් දෙකකින් ඉහළ දැමූ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැවති මිලටම අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගැනීමත් සමඟයි ඔවුන් පසුගිය 06 වැනිදා පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමට තීරණය කළේ.

කෙසේ වෙතත්, තිරිඟු පිටි පැවති මිලටම අලෙවි කිරීමට සමාගම් එකඟවීම නිසා පාන් ගෙඩියක් සඳහා වැඩිකළ රුපියල් දෙකක මුදල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් අනුරාධපුරයේ අද පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ පිටි සමාගම් සමඟ සාකච්ඡා කර සංශෝධිත තිරිඟු පිටි කිලෝවක මිල මේ මස 17 වැනිදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම, තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බේකරි හිමියන් ගත් තීරණය අසාධාරණ බවද අමාත්‍යවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories