අලි මන්තර තමන් ද දන්නා බව සජිත් කියයි

Saturday, 14 September 2019 - 12:54

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ අනිවාර්යෙන්ම නම් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමඟ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ සාකච්ඡාවක නිරත වන බවයි.

එමෙන්ම, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හෙට දෙමළ ජාතික සන්ධානය ද හමුවන බවයි ඔහු කියා සිටියේ.

ලබන සඳුදා රැස්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේදී ද ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කර ස්ථීර කර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අලි දමනය කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී ඔහු කියා සිටියේ තමන් වන අලි මෙල්ල කරන මන්ත්‍ර දන්නා බවයි.

කලාවැව රක්ෂිතයට ගොස් ඒ බව ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බව ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා.

මේ අතර, අමාත්‍ය පී. හැරිසන් අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ එම සාකච්ඡාවලින් ගැටළුවක් මතු නොවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories